Home-si ashansiam මාර්තු 4, 2022

පසුදා උදෑසන ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න බවක් දැනීමට නම් ඔබට හොඳ රාත්‍රී නින්දක් අත්‍යාවශ්‍ය වේ.

නින්දේ වැදගත්කම ගැන තව දැනගන්න

නින්ද හා සම්බන්ධ සුලභ රෝගී තත්වයන්

Narcolepsy සහ අනෙකුත් රෝගී තත්වයන්

ඔබ ගොරවනවාද?

ඔබ රාත්‍රියේ ගොරවනවාද? දිවා කාලයේ ඔබට අධිකව නිදිමත ඇතිවනවාද? ඔබ බරින් වැඩිද? – එසේනම් ඔබටත් නින්දේදී සිදුවන ස්වසන අවහිරතාවයක් තිබිය හැක.

ගෙරවීම යනු කුමක්ද?

නින්දේදී, සාමාන්‍යයෙන් ඉහළ ශ්වසන මාර්ගයට අර්ධ වශයෙන් අවහිර වීමකින් පසුව උගුරේ කැළඹිලි සහිත වාතය ගලා යාමේ ප්‍රතිඵලයක් ලෙස ජනනය වන ශබ්දයයි.

තව දැනුවත්වන්න

ගෙරවීම යනු සෑමවිටම අස්වාභාවික තත්වයක්ද?

නැත! අප සෑම කෙනෙකුම ජීවිතයේ යම් අවස්ථාවක දී ගොරවන අතර මෙය ස්වාභාවික  සංසිද්ධියකි.

තව දැනුවත්වන්න

Obstructive Sleep Apnea යනු කුමක්ද?

Obstructive Sleep Apnea (OSA), නමෙන් ගම්‍ය වන පරිදි, පෙනහළුවලට වාතය ගෙන යන ඉහළ ස්වසන මාර්ගය තාවකාලිකව වැසී යාම හේතුවෙන්, නින්දේදී, ඉහළ ස්වසන මාර්ගයේ (හෝ හුස්ම ගැනීමේ) නිදහස් වාතය ගලායාමට ඇතිවන තාවකාලික බාධාවකි.

තව දැනුවත්වන්න

 

අනිද්‍රාව (Insomnia) යනු කුමක්ද?
ඔබට ඇත්තටම කොපමණ නින්දක් අවශ්‍යද?
  • වයසත් සමග පුද්ගලයෙකුට අවශ්‍ය නින්දේ ප්‍රමාණය වෙනස් වේ.
  • වයසට යෑමත් සමග පුද්ගලයෙකුට අවශ්‍ය නින්දේ ප්‍රමාණය අඩු වේ
  • අලුත උපන් බිළිඳකු දිනකට පැය 16-18 ක් පමණ නිදා ගනී. වැඩිහිටියන්ට පැය 7-8 ½ පමණ නින්දක් අවශ්‍ය වේ.
  • සමහරෙක් මීට වඩා අඩුවෙන් නිදාගත්තද, දිවා කාලයේදී ප්‍රභෝධමත්ව කටයුතු කලහැකිනම්, එයින් ගම්‍යවන්නේ ඔවුන් ප්‍රමානවත් නින්දක් ලබන බවයි
      •  

තව දැනුවත්වන්න

ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඇතිවන සංකූලතා මොනවාද?
  • දිවාකාලයේදී ඇතිවන අධික නිදිමත ස්වභාවය හේතුකොටගෙන රැකියාවේ හෝ අධයාපන  කටයුතු වල භාධා විය හැකි අතර රිය අනතුරුවලටද ලක්විය හැක.
  • ප්‍රමාණවත් නින්දක් නොලැබීම හෘදයාබාධ හා අධි රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි කරයි. 
  • ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබේ ආයු අපේක්ෂාව අඩු කරයි.

තව දැනුවත්වන්න 

ඔබටත් අනිද්‍රාව (Insomnia) ඇත් දැයි සිතිය යුත්තේ කුමන අවස්තාවලදීද?
  • රාත්‍රී නින්දට වැටීමේ අපහසුතාවය.
  • රාත්‍රී කාලයේදී පිබිදීම සහ ඉන්පසු නින්ද නොයෑම.
  • අලුයම අවදි වීම.

තව දැනුවත්වන්න 

Other sleep disorders

නිද්‍රාලුව (Narcolepsy)

තව දැනුවත්වන්න

පැරසොම්නියාස් (Parasomnias)

තව දැනුවත්වන්න

සර්කැඩියානු රිද්ම ආබාධ

තව දැනුවත්වන්න

නින්දට භාදාකාරී ලෙස ඇතිවන දෙපාවල නොසන්සුන්තාවය

තව දැනුවත්වන්න

නින්ද හා ආශ්‍රිත හිසරදය

තව දැනුවත්වන්න

නින්ද සම්බන්ධ හයිපොක්සිමියා ආබාධය

තව දැනුවත්වන්න

නින්ද සම්බන්ධ laryngospasms

තව දැනුවත්වන්න

නින්දේදී මුත්‍රා වහනය වීම

තව දැනුවත්වන්න

නින්දේ සනීපාරක්ෂාව යනු වඩා හොඳ නින්දකට පහසුකම් සපයන චර්යාත්මක සහ පාරිසරික භාවිතයන් සමූහයකි. සෞඛ්ය සම්පන්න නින්දක් වඩා හොඳ සෞඛ්යයක් සඳහා ඉතා වැදගත් වේ.

මට වඩා හොඳින් නිදා ගත හැක්කේ කෙසේද?

පහත දැක්වෙන්නේ හොඳ නින්දක් සඳහා අවශ්‍යය පිළිවෙත් වේ.

  • චර්යා රටාවකට අනුගත වෙන්න – අපගේ ශරීරය රිද්මයට හෝ චර්යාවට හුරු වේ. ඔබ ක්‍රමවත් රටාවක් අනුගමනය කරන්නේ නම්, ඔබට හොඳින් නිදා ගැනීමට හැකි වේ.
  • දිවා කාලයේ ක්‍රියාශීලී වන්න.
  • දිවා කාලයේ නිදා ගැනීමෙන් වළකින්න.
  • කැෆේන් අඩංගු ආහාර පරිභෝජනය අඩු කරන්න.
  • නින්දට පෙර පැය හයක් ඇතුළත දුම් පානයෙන් වැළකී සිටින්න.

Read more

නින්දට පෙර කායික හා මානසික සන්සුන්භාවය සකසා ගැනීම
  • නින්දට යාමට පෙර ඔබේ මානසික හා කායික උද්දීපනය අඩු කර නින්දට යාම පහසු කිරීම මේවායේ අරමුණයි.
  • නින්දට පෙර භාවනාව සහ යෝගා ක්‍රියාකාරකම් වැනි ඉහිල් වීමේ ක්‍රියාකාරකම් මගින් ඔබට සුව නින්දක් ලබාගත හැක.

තව දැනුවත්වන්න

error: Content is protected !!