about-us-si ashansiam මාර්තු 17, 2022

සුව නින්ද යනු සෞඛ්‍ය සම්පන්න නින්ද සහ නින්දේ ආබාධ පිළිබඳ සාමාන්‍ය ජනතාව සඳහා වන අධ්‍යාපනික වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය Sleep Assembly of the Sri Lanka College of Pulmonologists මගින් සංවර්ධනය කර ඇත.

මෙම වෙබ් අඩවිය ප්‍රධාන වශයෙන් නිද්‍රා ආබාධ සහිත හුස්ම ගැනීමේ ප්‍රධාන හේතුවක් වන Obstructive Sleep Apnea (OSA) හඳුන්වා දෙයි. පොදු ජනතාවට “කියවීමට” වඩා “නැරඹීමට” පහසුවන පරිදි අන්තර්ගතයේ දළ සටහනක් වීඩියෝ මගින් ලබාදී ඇත. පරමාදර්ශී නින්දේ වේලාව තීරණය කිරීමට, පුද්ගලයෙකු කෙතරම් නිදිමතද යන්න සහ OSA අවදානම ගණනය කිරීමට අන්තර්ක්‍රියාකාරී මෙවලම් ලබාදී ඇත.

අපගේ හවුල්කරුවන්

OSA රෝග විනිශ්චය සහ ප්‍රතිකාරයේදි ප්‍රධාන අංශයක් වන්නේ ඉහළ ශ්වසන මාර්ගය තක්සේරු කිරීම සහ ඉහළ ශ්වසන මාර්ගයේ ශල්‍යකර්මයයි. මෙය සිදු කරනු ලබන්නේ ENT ශල්‍ය වෛද්‍යවරුන් විසිනි. (Consultant Otorhinolaryngologists and Head and Neck Surgeons). මෙම අංශවලට අදාළ අන්තර්ගතය සකසන ලද්දේ College of Otorhinolaryngology and Head and Neck surgeons විසිනි.

OSA වලට අමතරව, මෙම වෙබ් අඩවිය නින්ද හා සම්බන්ධ ස්නායු රෝග පිළිබඳ දළ අදහසක ද ලබා දෙයි. මෙම තත්වයන් හට ප්‍රතිකාර කරනු ලබන්නේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසිනි. මෙයට අදාළ අන්තර්ගතයේ සැකැස්ම සඳහා අපි Association of Sri Lankan Neurologists සහභාගීකර ගතිමු.

Dr. Chandimani Undugodage

MBBS, MD (Medicine), MRCP (UK), FRCP (Lon)
Chairperson, Sleep Assembly & President elect
Sri Lanka College of Pulmonologists
Consultant Respiratory Physician & Senior Lecturer
Faculty of Medical Sciences
University of Sri Jayawardenapura

Obstructive sleep apnea (OSA) යනු ලොව පුරා දක්නට ලැබෙන ප්‍රධාන නින්ද ආශ්‍රිත හුස්ම ගැනීමේ ආබාධය වන අතර එය ජනගහනයෙන් බිලියන 1 කට පමණ බලපායි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 16.8% කට OSA වැළඳීමේ අවදානමක් ඇත. ශ්වසන වෛද්‍යවරුන් ලෙස අපි OSA නිතර දකින අතර කනගාටුවට කරුණක් නම් බොහෝ අවස්ථාවලදී රෝගීන් අප වෙත පැමිණෙන්නේ හෘදයාබාධයක් හෝ ආඝාතය වැනි OSA ආශ්‍රිත සංකූලතා වර්ධනය වීමෙන් පසුව සහ රිය පැදවීමේදී නින්දයාම හේතුවෙන් ඇතිවන අනතුරු වලින් පසුවය. කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් මෙම සංකූලතා වළක්වා ගත හැකිය. ඒ නිසා OSA පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනබව පෙනීයයි. රට පුරා ඇති රාජ්‍ය අංශයේ රෝහල්වල ස්වසන වෛද්‍යවරුන් සිටින අතර බොහෝ රාජ්‍ය අංශයේ රෝහල්වල නින්ද ආශ්‍රිත ආබාධ පිළිබඳව විමර්ශනය කිරීමට පහසුකම් ඇත. එමනිසා OSA පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර කළ හැක.

සාමාන්‍ය ජනතාව සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කිරීම, Sleep Assembly සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Amitha Fernando මහතාගේ සංකල්පයකි. මෙම වෙබ් පිටුව නිර්මාණයකර ඇත්තේ හැකිතාක් වෛද්‍ය යෙදුම් මගහැර තේරුම් ගැනීමට පහසු සරල භාශාවකින්ය. එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සමන්විතය. “සුව නින්ද” වෙබ් අඩවිය නින්දේ ආබාධ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සමත්වේයැයි මම බලාපොරොත්තුවෙමි.

Sleep Assembly සහ Sri Lanka College of Pulmonologists

Sri Lanka College of Pulmonologists විසින් Sleep Assembly 2020 දී පිහිටුවන ලදී. නින්ද ආශ්‍රිත හුස්ම ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම සංගමය ප්‍රධාන කොටස්කරුවා වේ. AssemblySleep සියලුම සාමාජිකයින් විශේෂඥ ශ්වසන වෛද්යවරුන් වේ.

Members

Dr. Chandimani Undugodage – සභාපති

Dr. Suntharalingam Rishikesavan – කැඳවුම්කරු

Dr. Amitha Fernando

Dr. Manil Peiris

Dr. Mohamed Naim Noor Masaima

Dr. Nandika Harischandra

Dr. Aflah Sadikeen

Dr. Damith Rodrigo

Dr. Delisha Wadasinghe

Dr. Suharshi Silva

Dr. Samanmali Dalpathadu

Dr. Upul Pathirana

Dr. Riaz Mowjood

Dr. Muthulingam Athavan

Dr. Chatura Wirasinghe

Dr. N B Egodawela

වෙබ් පිටුවට දායක වීම

වෙබ් පිටු සංවර්ධනය

Dr. Ravin Ranawaka

අන්තර්ගත සංවර්ධනය

Dr. Amitha Fernando

Dr. Chandimani Undugodage

Dr. Ruwanthi Jayasekera

Dr. Suntharalingam

Rishikesawan

Dr. Ravin Ranawaka

ස්නායු විද්‍යාව

Dr. Gamini Pathirana

Dr. Sudath Gunasekera

Dr. Sunethra Senanayake

Dr. Janaka Waidyasekera

ENT

Dr. Daminda Domingoarachchi

වෙබ් පිටු පරිවර්තන

Dr. Delisha Wadasinghe

(සිංහල)

Dr. Suntharalingam

Rishikesawan

(දෙමළ)

Dr. K Laboshan

(දෙමළ)

වීඩියෝ මාලාව

Dr. Dilshan Wijeweera

Dr. Rajmohan Rajramanan

Dr. Nithyavani Kandasamy

Dr. Kemalie Herath

Ms. Thapodha

Gangodawila

Ms. Shivani Perera

Mr. Harith Wijerathne

Mr. Dinul Doluweera

Mrs. Chamini Preethika

Mr. Heshara Nethmika

වීඩියෝ පටිගත කිරීම

Mr. Manjula Bandara

Mrs Buddhinie Senevirathne

Mr DEH Kothalawala

Mr Nilantha Priyarathne

පින්තූර

Mr. Trevine de Zilva

තේමා සංගීත සංයුතිය

Dr. Ravin Ranawaka

error: Content is protected !!