Sleep enuresis-si ashansiam මාර්තු 17, 2022

නින්දේදී මුත්‍රා වහනය වීම

  • නින්දේදී මුත්‍රා වහනය වීම මාස 3 ක් තිස්සේ නැවත නැවතත් ඇතිවන්නේනම් එය Sleep enuresis (SE) ලෙස හඳුන්වයි. මෙය වයස අවුරුදු 5 ට වැඩි ළමුන් තුළ දක්නට ලැබේ.
  • එය ප්රාථමික හෝ ද්විතියික විය හැකිය.
    • ප්‍රාථමික SE වලදී, වයස අවුරුදු 5 ට වැඩි ලමුන්ට,අවම වශයෙන් සතියකට දෙවරක්වත්නි න්දේදී මුත්‍රා වහනය සිදු වේ. මෙම දරුවන්කි සිවිටකත් අඛණ්ඩව මාස 6ක් නින්දේදී මුත්‍රා වහනය නොවී නොසිටිති.
    • අඛණ්ඩව මාස 6 ක් නින්දේදී මුත්‍රා වහනය නොවී සිටි දරුවෙකුට, ඉන්පසු ඉබේම නින්දේදී මුත්‍රා වහනය වීම සිදුවන්නේ නම්, එය ද්විතියික SE ලෙස හැඳින්වේ.
    • ප්‍රාථමික SE සඳහා මනෝ සමාජීය ගැටළු සාපේක්ෂව දුර්ලභ හේතුවකි, නමුත් එය අවධානය අඩු අධි ක්‍රියාකාරී ආබාධ ( ADHD) සහිත ළමුන් සහ අසංවිධානාත්මක පවුල්වල ජීවත් වන ළමුන් තුළද ඇතිවිය හැක.
    • ද්විතියික SE දෙමාපියන්ගේ දික්කසාද, ශාරීරික හෝ ලිංගික අපයෝජන, හෝ නොසලකා හැරීම වැනි සැලකිය යුතු මනෝ සමාජීය ආතතිය සමඟ සම්බන්ධ වේ. ද්විතියික SE සහිත ළමුන් තුළ නිදන්ගත මලබද්ධය සහ Encopresis (මල අපවිත්‍ර වීම) බොහෝ විට දක්නට ඇත.
  • ඔබේ දරුවාට වයස අවුරුදු 5 න් පසු මෙම ගැටළු තිබේ නම්, කරුණාකර විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න.
error: Content is protected !!